අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කටාරා පැට්ටෝන් විසින් රචිත ලිපි

ආලෝකය දැල්වෙන්න හරින්න

හෝටල් ජාලයක වෙළඳ ප්‍රචාරණයක අඳුරු රාත්‍රියක් මධ්‍යයේ එක් කුඩා ගොඩනැගිල්ලක් දර්ශනය කළේය. වෙන කිසිවක් අවට තිබුණේ නැත. එම දර්ශනයේ එකම ආලෝකය වූයේ ගොඩනැගිල්ලේ ඉස්තෝප්පුවේ දොර ළඟ තිබූ කුඩා ලාම්පුවෙන් දිස් වූ ආලෝකය පමණයි. ආගන්තුකයෙකුට පියගැටපෙළ දිගේ ගොස් ගොඩනැගිල්ලට ඇතුළු වීමට එම විදුලි බුබුල ප්‍රමාණවත් ආලෝකයක් දල්වා තිබුණි. වෙළඳ දැන්වීම අවසන් වූයේ "අපි ඔබට ආලෝකය දැල්වෙන්න හරින්නෙමු" යන වැකියෙනි.

ආලින්දයේ ආලෝකය…

සැහැල්ලුවෙන් ගමන් කිරීම

ජේම්ස් නම් මනුෂ්‍යයෙක් වොෂිංටනයේ සියැටෙල් සිට කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ දක්වා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ සැතපුම් 1250 ක් පා පැදියකින් ත්‍රාසජනක ගමනක් ගියේය. ඔහුගේ ආරම්භක ස්ථානයේ සිට සැතපුම් 930 ක් දුරින් පිහිටි බිග් සූර් බෑවුම අසළදී මගේ මිතුරෙක්ට මෙම අභිලාෂකාමි පාපැදි කරුවා මුණ ගැසුණි. මෑතකදී ජේම්ස්ගේ කඳවුරු බැඳීමේ ආම්පන්න කවුරුන් හෝ සොරකම් කර ඇති බව දැන ගත් පසු මගේ මිතුරා…

දෙවියන්වහන්සේ ගමන් කරන ක්‍රමයන්

මම හොඳ ස්ක්‍රැබල් ක්‍රීඩාවකට කැමැත්තෙමි. එක් විශේෂිත ක්‍රීඩාවකට පසුව මගේ මිතුරන් මගේ නමින් පියවරක් නම් කළේය. එය “කටාරා” නමින් හැඳින්වුනි. මම සම්පූර්ණ ක්‍රීඩාව හඹා යමින් සිටියෙමි. නමුත් එහි අවසානයේ බෑගයේ ටයිල් කිසිවක් ඉතිරි නොවී මම අකුරු හතක වචනයක් සෑදුවෙමි. මෙයින් අදහස් වූයේ ක්‍රීඩාව අවසන් වූ බවයි. මට ප්‍රසාද ලකුණු පනහක් මෙන්ම මගේ ප්‍රතිවාදීන්ගේ ඉතිරි වූ සියලු ටයිල් වලින්ද මට ලකුණු…

යේසුස්වහන්සේ මෙහි සිටින සේක

සිනහමුසු මුහුණින් යුතුව මගේ වයසක ලොකු නැන්දා ඇගේ ඇඳ මත අසනීපයෙන් සිටියාය. ඇගේ සුදු හිසකෙස් ඇගේ මුහුණෙන් පිටුපසට කර තිබූ අතර ඇගේ කම්මුල් රැළිවලින් වැසී තිබුණි. ඇය වැඩිය කථා නොකළත් මමයි, තාත්තයි, අම්මයි ඇයව බලන්න ගිය අවස්ථාවේ කී වචන ස්වල්පය මට තාමත් මතක තිබේ. “මට තනිකමක් දැනෙන්නේ නැහැ. යේසුස්වහන්සේ මා සමග මෙහි සිටිනවා” කියා ඇය කොඳුරමින් කීවාය.

එකල තනිකඩ කාන්තාවක්…

ශක්තිමත්ව අවසන් කරන්න

මම මගේ විනාඩි හතළිහක ව්‍යායාමයේ අවසන් මිනිත්තු කිහිපයට අතුළු වන විට මගේ උපදේශකයා
“ශක්තිමත්ව අවසන් කරන්න” යනුවෙන් කෑ ගසන බවට මට සහතික විය හැක. මා දන්නා සෑම පුද්ගලික පුහුණුකරුවෙක්ම හෝ කණ්ඩායම් යෝග්‍යතා නායකයෙක්ම අවසානයට විනාඩි කිහිපයකට පෙර එම වාක්‍ය ඛණ්ඩය භාවිතා කරයි. ව්‍යායාමයේ අවසානය ව්‍යායාම්වලට පෙනී සිටීම තරම්ම වැදගත් බව ඔවුහු දනිති. ඒ වගේම මිනිස් සිරුර යම් කාලයක් චලනය වන…

ඥානවන්ත උපදෙස්

දේව ධර්ම විදුහලට යද්දී මම පූර්ණ කාලීනව සේවය කළෙමි. ඊට අමතරව දේවස්ථානයක පූජකතුමෙක් හැටියටත් සීමාවාසික පුහුණුවකටත් මාරුවෙන් මාරුවට සේවය කළ නිසා මම කාර්්‍ය බහුල වූයෙමි. මගේ පියා මා බැලීමට පැමිණි විට ඔහු පැවසුවේ “ඔබට බිඳ වැටීමක් සිදුවනු ඇත” කියාය. ඔහු වෙනත් පරම්පරාවක අයෙකු බවත් ඉලක්ක සැකසීම නොතේරෙන බවත් සිතමින් මම ඔහුගේ අනතුරු ඇඟවීම ඉවත් කළෙමි.

මට බිඳ වැටීමක් සිදුවූයේ නැත.…

අපේ කාලය නැවත ලබා ගැනීම

1960 ගණන් වලදී මගේ පියා සමග විවාහ වීමට හැකි වන පරිදි ඇය විශ්ව විද්‍යාලයට ඇතුල් නොවීමට තීරණය කළ ආකාරය මගේ මව මා සමග බෙදා ගත්තාය. නමුත් ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරියක් වීමේ ඇගේ සිහිනය ඇය සෑම විටම අල්ලා ගෙන සිටියාය. දරුවන් තිදෙනෙකුට පසුව, ඇය ලුසියානා ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියේ පෝෂණ සහායිකාවක් බවට පත්වූයේ කිසි විටෙකත් විශ්ව විද්‍යාල උපාධියක් ලබා නොගෙනය. බොහෝ දුරට…

නායකයාව අනුගමනය කරන්න

වචන නැත. සංගීතය සහ චලනය පමණී. කෝවිඞ්-19 වසංගතය මධ්‍යයේ පැය විසි හතකර සුම්බා මැරතන් තරඟයක් අතරතුර ලෙව පුරා දහස් ගණනක් මිනිසුන් එකට ව්‍යායාම් කළ අතර ඉන්දියාව, චීනය, මෙක්සිකෝව, ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව, යුරෝපයේ සමහර ප්‍රදේශ සහ තවත් ස්ථාන කිහිපයක උපදේශක වරුන්ගේ උපදෙස් පිළිපැද්ද නිසා මෙම විවිධ පුද්ගලයන්ට භාෂාවන්ගෙන් බාධාවකින් තොරව එකට ගමන් කිරීමට හැකි වූහ. මන්ද? 1990 දශකයේ මැද භාගයේදී කොලොම්බියානු…